ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා එම ආයතනයේ සේවක සේවිකාවන් සමඟ අදහස් හුවමාරු කරගත් බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා සිය ධූරයේ වැඩ භාරගත් පසු මුල් කාලයේද රාජ්‍ය ආයතන වල මෙවැනි හදිසි නිරීක්ෂණ චාරිකා වල යෙදුණු අතර සහල් මිල පාලනය කිරීමේ අරමුණින් වෙළඳ මධ්‍යස්ථාන වෙත යාමටද කටයුතු කරනු ලැබූ නමුත් එය සාර්ථක භාවයක් අත්පත් කරගැනීමට අපොහොසත් විය.