තමාගේ තනතුරට අනුව දූෂණයට සහ වංචාවට එරෙහිව කටයුතු කිරීම උත්සාහ දැරීම නිසා අවසානයේ තමාව ඇමති ධූරයෙන් ඉවත් කර ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව ජනාධිපතිවරයා විසින් එම ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අද (27) පස්වරුවේ ඔහු ක්‍රීඩා අමාත්‍යංශයෙන් පිටව ගොස් තිබුණා.
මීළඟට පත් වීමට නියමිත ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් එකේ සාක්කුවට නොවැටී නිවැරදි ක්‍රියාමාර්ග ගන්නේ නම් පමණක් අපේ රටේ ක්‍රීඩාව යළි නිසි මඟට ගත හැකි බව රොෂාන් රණසිංහ මහතා තවදුරටත් සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා,
“මම හැට නම ලක්ෂෙ ජනවරමේ දායකයෙක්. ඡන්ද ප්‍රතිශතයෙන් ලංකාවෙ 10 වෙනියට ආපු පුද්ගලයා. මාව ඉවත් කරන්න ජනාධිපතිවරයාට සදාචාරයක් තියෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ.”