24.1 C
Colombo
Friday, November 29, 2024

ජනපති IMF නියෝජිතයින් හමුවෙයි (වීඩියෝ)

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ආචාර්ය චැන්යොන් රී (Changyong Rhee), නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඈන්-මෙරී ගල්ඩ්-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් (TubagusFeridhanusetyawan) යන අය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ මෙරට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.

මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ යන අයද සහභාගී වුණා.

මෙම නියෝජිතයින් පිරිස ඊයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද හමුවී සාකච්ඡා පැවැත්වූවා.

RECENT ARTICLES - SINHALA

අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක්

මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මහජන...

හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට

සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා. ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය...

POPULAR ARTICLES