2022 අතුරු අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 05ක් හිමිවුණා.
මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටිමද විශේෂත්වයක්.
මේ අතර, අතුරු අයවැයේ තෙවැනිවර කියවීම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඡන්දයකින් තොරව සම්මත වුණා.
පසුව මීළඟ පාර්ලිමේන්තු සභාවාරය සැප්තැම්බර් 6 වනදා පෙරවරු 9.30 දක්වා කල්තැබුණා.
මේ වසරේ ඉදිරි මාස 04 සඳහා රජයේ වියදම් ඇස්තමේන්තු සහිත අතුරු අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
අයවැය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ආර්ථික අර්බුදය විසඳීමට සාම්ප්‍රදායික මතවලින් ඉවත් විය යුතු බවයි.