බෙහෙත් නොමැතිකම හේතුවෙන් දුක් විඳින පිළිකා රෝහලේ කාන්තාවන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඔවුන්ගේ විරෝධය දක්වා තිබෙනවා.
ඒ, කාන්තා තනපටයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටේ එල්ලා තැබීමෙන්.
පියයුරු පිළිකාව යනු ශ්‍රී ලංකාව තුල කාන්තාවන් අතර බහුලතම පිළිකාවයි. වාර්තා වන දත්ත වලට අනුව, රෝගීන් සංඛ්‍යාව සෑම වසරකම වැඩිවෙමින් පවතින අතර, දැනට වසරකට රෝගීන් 3,000 ක් පමණ හඳුනා ගැනේ.
ඩොලර් අර්බුදය මැද ඔවුන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සීමාවීම හරහා ඔවුන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.
එමෙන්ම අරගල මර්දනයට අවශ්‍ය උපකරණ අලුතින් ආනයනය කරන අතරතුර ඖෂධ ගෙන්වීමට මුදල් නොමැති බව පවසන්නේ කෙලෙසදැයි යන්නත් ඔවුන් මෙහිදී ප්‍රශ්න කර සිටියා.