ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපතිනී ප්රෞපදි මුර්මු සහ ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්තිකයන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්,නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරු ද සහභාගී වීමට නියමිතයි.
ජනාධිපතිවරයා ලබන 17 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.