24 C
Colombo
Friday, November 8, 2024

අද විවාදයට එන ජනපති අපේක්ෂකයින්

- Advertisement -

රට ගොඩගන්නේ කෙසේද යන මාතෘකාවෙන් යුතු මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ජනාධිපති විවාද මාලාවේ පළමුවැන්න අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මෙම විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පස්වරු 3.00 සිට 5.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

‘රට ගොඩගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ එම විවාදය පැවැත්වෙන අතර අද (07) පැවැත්වෙන විවාදය විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතයි.

පැෆ්රල් සංවිධානය සඳහන් කළේ.ඊට සහභාගි වන ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න 06 ක් යොමුකරන බවයි .

ඒ අනුව අද ප.ව. 3.00 සිට 5.00 දක්වා සියළුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කිරීමට නියමිතයි.

විවාදයේ දෙවන සහ තෙවන අදියර සඳහා අපේක්ෂකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර එම විවාදයන් 8 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES