28 C
Colombo
Tuesday, September 17, 2024

කවුරුත් එන්නැති ජනාධිපති විවාද

- Advertisement -

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ දෙවැනි අදියර අද (08) පැවැත්වෙනවා.

ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

පළමු දිනය වූ ඊයේ (07) විවාදය සඳහා සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතව තිබුණා.

නමුත්, ඒ සඳහා පැමිණ සිටියේ දිලිත් ජයවීර සහ පී. අරියනේන්ත්‍රන් යන අය පමණයි.

සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වුණේ නැහැ.

මේ අතර විවාදයට අද (08) සහභාගී වීමට නියමිත අපේක්ෂකයින් සංඛ්‍යාව, 5 ක්.

ඒ අනුව, විජයදාස රාජපක්ෂ,සරත් මනමේන්ද්‍ර,අනෝජ් ද සිල්වා සහ ඕෂල හේරත් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතයි.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, අද පස්වරු 3.00 සිට 5.00 දක්වා විවාදය පැවැත්වෙන බවයි.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...