29 C
Colombo
Thursday, January 2, 2025

ජනාධිපති අරමුදල අලුත් තැනකට

- Advertisement -

ජනාධිපති අරමුදල නව ස්ථානයකට ගෙන යාම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය එළැඹෙන 2025 නව වසරේ ජනවාරි 01 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිත බවයි.

ඒ අනුව, ජනාධිපති අරමුදලේ නව කාර්යාල පරිශ්‍රය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අරමුදලෙහි සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට 2025 ජනවාරි 01වන දා සිට කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ සිය සේවා ලබා ගැනීමට හැකියාව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුව යළි රැස්වෙන දිනය මෙන්න

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ...

මාතර සිටි රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට

මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් පසුව 54 වගන්තිය යටතේ රඳවා සිටින රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධානාගරය වෙත මාරුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන...

කතරගම දේවාලයේ පඩුරුවලින් හොඳ වැඩකුත් කරලා

ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බුද්ධකිරීමේ ඒකකයක්...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව යළි රැස්වෙන දිනය මෙන්න

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ...

මාතර සිටි රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට

මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් පසුව 54 වගන්තිය යටතේ රඳවා සිටින රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධානාගරය වෙත මාරුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන...

“පිටින් ඕනේ නැහැ – රටේ ඕනේ තරම් ලුණු තියෙනවා”

රටේ ආහාරයට අවශ්‍ය ලුණු ප්‍රමාණය රට තුළ පවතින බවත්, එම නිසා ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් ලංකා ලුණු සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ නිශාන්ත...