දෙසැම්බර් මාසයේදී යෙදී ඇති නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් මේ දිනවල ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඩිජිටල් ආලෝකයෙන් අලංකාර කර ඇති ආකාරය මේ දිනවල දක්නට ලැබෙනවා.
ජනධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සහ එම කාර්ය මණ්ඩල එක්ක්ව ජනතාවගේ සතුට සහ නිදහස වෙනුවෙන් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මකයි.
පෞද්ගලික අනුග්‍රහයක් මත ක්‍රියාත්මක කරන මෙම ඩිජිටල් ආලෝකකරණ සංදර්ශනය ඉදිරියේදීත් ජාතික මට්ටමේ සංස්කෘතික උත්සවවලදී ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයාගේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන සංකල්පයට අනුව ආර්ථික සංවර්ධනයට සංස්තිකමය වශයෙන් සතුට, නිදහස, සැහැල්ලුව සහිත මිනිසෙන් නිර්මාණය කිරීමද අයත් බවයි.