අසාධාරණ ලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීමට ව්‍යාපාරිකයන්ට සහ තොග සැපයුම්කරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙසත් කිසිදු හේතුවක් නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා විසින් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම, ලෝක වෙළඳපොළේ භාණ්ඩ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා කිරිපිටි,තිරිඟු පිටි ගෑස් සහ සිමෙන්ති යන අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක පාලන මිල ඉවත් කිරීමට සිදුවූ බවත් වෙළඳපොළ භාණ්ඩ හිඟය පිටුදැක මහජනතාව අපහසුතාවයට පත්වීම වැළක්වීම එහි අරමුන වූ බවත් රජය පවසනවා.
තවද, මේ වනවිට ආසියාවේ සිටින පළපුරුදු සහ පරිණත දේශපාලනඥයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවත් ඔහුගේ දැනුම සහ අවබෝධය රටේ දියුණුවට වඩ වඩාත් භාවිත කළයුතු සමය එළඹී ඇති බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන්ට පවසා තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් සහ දැනුම ඉදිරි සංවර්ධන කටයුතු සහ රටේ ඉදිරි තීරණ ගැනීමේදී වැඩි වැඩියෙන් භාවිත කළ යුතු බවයි එයට ප්‍රතිචාර දැක් වූ අමාත්‍යවරුන් ද පවසා ඇත්තේ, .