ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන සතියේදී චීනය බලා යෑමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරය සිදු කිරීමට නියමිතව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.
ඒ, අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින්.
චීන සංචාරය සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ විජිත හේරත් යන මහත්වරුන් ද එක්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියා.