ජනාධිපතිවරයාගේ නිවස වටකර රටක ජනාධිපතිවරයෙකු පලවා හැරීමට ජනතාවට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.
පසුගියදා මිරිහානේ සිදුවූ සිදුවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ.
එය සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවත් රජය විසින් කොවිඩ් වසංගතයෙන් අසීරුවෙන් බේරාගත් රට විනාශ කිරීමට ඔවුන් උත්සහ දරන බවත් ලේකම්වරයා පවසනවා.
“සංචාරක ව්‍යාපාරය ගොඩගත්තේ අමාරුවෙන්. ඒක වට්ටන්නයි මේ හදන්නේ. අපි මේවා අනුමත කරන්නේ නෑ. රටට විදේශ විනිමය එන එක නවත්තන්නයි මේ හදන්නේ. අහිංසක මිනිස්සු උසි ගන්වලා කළ මේ වැඩේ අපි කොහොමත් අනුමත කරන්නේ නෑ.” යැයි ඔහු පවසනවා.