30 C
Colombo
Monday, July 8, 2024

කතරගම දේවාලයේ කපු සහයකට දේවාලයේම තවත් කපුවෙක් පහර දීලා (වීඩියෝ)

- Advertisement -

රුහුණු-කතරගම දේවාලයේ කපු  සහයකවරයෙකුට ඊයේ (30) සවස එම දේවාලයේම කපු මහතෙකු ලෙස කටයුතු කරන තවත් පුද්ගලයෙකු විසින් පහර දී තිබෙනවා.

පහර දීමෙන් තුවාල ලැබූ කපු සහයකවරයා කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට ඔහු එම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

News 19 අප කළ විමසීමකදී පහර කෑමට ලක් වූ කපු සහයකවරයා වන උපුල් රත්නායක මහතා පවසා සිටියේ ඊයේ සවස 6.00ට පමණ කතරගම දේවාල පරිශ්‍රයේදී තවත් කපු මහත්මයෙකු විසින් තමාට පහර දුන් බවයි.

දේවාලයට පැමිණි තමාගේ හිතවත් නීතීඥවරයෙකුට නිසි ලෙස නොසැලකූ බවට චෝදනා කරමින් ගයාන් අරාපක්ෂ නමැති එම දේවාලයේම කපු මහත්මයෙක් මෙම පහර දීම සිදු කළ බව උපුල් රත්නායක මහතා පවසා සිටියා.

ඔහු තවදුරටත් සඳහන් කළේ මෙම පුද්ගලයා දේවාලයේ බැතිමතුන් ඉදීරියේදී ඔහුගේ මුහුණට, සහ පපු ප්‍රදේශයට ම්ලේච්ඡ අන්දමින් පහරදුන් බවයි.  

මෙම පුද්ගයා මීට කාලයකට පෙර දේවාලයේම සේවය කරන තවත්  තරුණයෙකුට පහර දී ඇති බවත් ඔහුට ඇති බිය නිසාවෙන් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවත් උපුල් රත්නායක මහතා පවසා සිටියා.

බැතිමතුන් විශාල පිරිසක් ගැවසෙන පූජා භූමියක මෙවැනි හැසිරීම් හෙළා දකින බවත් මෙම පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස බලාධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවක වැටුප ගැන රජයෙන් තීරණයක්

වර්ජනයේ නිරත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ඉල්ලා සිටින පරිදි වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත්...

පොදු ප්‍රවාහනයට විද්‍යුත් ටිකට් පත්

මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවා කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකට අනුව සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය...

උතුරේ වෛද්‍යවරු වර්ජනයක

උතුරු පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ යාපනය චාවකච්චේරි රෝහලට අලුතින් පත් කෙරුණුවෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්. කෙසේවෙතත් රජයේ රෝහල්වල හදිසි...

POPULAR ARTICLES

පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12...

හිරුණිකාට විශේෂ සැලැකිලි නැහැ

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්‍ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා ඔහු සඳහන්...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...