ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාට ඉවත් වීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
ඒ, ඊයේ (10) ගිනිබත් වූ අගමැතිවරයාගේ නිවාස නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාවට අනුකූලව අ කටයුතු කරනු ඇති බවයි ඔහු පවසන්නේ.
අගමැතිවරයා ඉවත් වීමක් සිදුවන බවට මාධ්‍ය වැරදි ලෙස වාර්තා කිරීම ගැන කණගාටුවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තිය අනුව කටයුතු සිදුවනු ඇති බවටයි අබේවර්ධන මහතා සඳහන් කළේ.