අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (31) දිනයේ නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
(01) දිනයේ UNESCO මූලස්ථානයේදී එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහ ඒ ආශ්‍රිත ජීවන උරුමය’ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේ සැසිවාරයක් සඳහා අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමටද නියමිතයි.
යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන ලද මෙම සමුළුව, අතිවිශාල සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති UNESCO ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසාර උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥයින් එක්රැස් වී පැවැත්වෙන්නක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
සමුළුවට සමගාමීව, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවීමට ද නියමිතයි.
අග්‍රාමාත්‍යවරිය සමඟ ප්‍රංශය බලා ගිය ශ්‍රී ලාංකික දූත පිරිසට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද ඇතුළත්.