28 C
Colombo
Wednesday, April 9, 2025

අගමැතිනිය තායිලන්තයට

- Advertisement -

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බහු- තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC)6 වැනි සමුළුව සඳහා සහභාගීවන නායකයින් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (03) රාත්‍රියේ සහභාගී වුණා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ BIMSTEC 6 වැනි සමුළුව අද (04) තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන අතර ඊට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ පස්වරුවේ තායිලන්තයේ බැංකොක් හි පිහිටි ස්වර්ණ භූමි ගුවන් තොටුපළෙන් තායිලන්තයට පැමිණි බවයි.

වසර තුනකට පසු පැවැත්වෙන මෙවර බිම්ස්ටෙක් සමුළුවේ තේමාව වන්නෙ “සෞභාග්‍යවත්, ඔරොත්තු දීම සහ විවෘතභාවය” යන්නයි.

සාමාජික රටවල් හත වන – බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර හවුල් ආරක්ෂක සහ සංවර්ධන අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම බිම්ස්ටෙක් සමුළුවේ අරමුණයි.

සමුළුවට සමගාමීව තායි-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් “ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න” ප්‍රවර්ධන වැඩසටහන්වලට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වුණා.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය බැංකොක් නුවර පිහිටි ඓතිහාසික වට් ෆෝ, විහාරස්ථානයට පැමිණි අතර විහාරාධිපති අතිපූජ්‍ය ප්‍රා ධම්ම වජිර පඤ්ඤාචාර්ය හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

RECENT ARTICLES - SINHALA

කතරගම හිටපු සභාපතිට ඇප

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

චීනයෙන් අමෙරිකාවට 84%ක තීරු බද්දක්

අමෙරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හෙට (10) සිට ක්‍රියාත්මක බවයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

POPULAR ARTICLES