30 C
Colombo
Saturday, September 14, 2024

කතරගම පාසලක සිසුන් අපයෝජනය කිරීමේ සිද්ධියකට විදුහල්පති රිමාන්ඩ්

- Advertisement -

පාසලේ පිරිමි දරුවන් කිහිපදෙනෙක් ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින කතරගම ගෝතමීගම කණිටු විද්‍යාලයේ  විදුහල්පතිවරයා ලබන සැප්තැම්බර් 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (28) දිනයේ මෙම තීරණය ලබා දී තිබුණා.

අදාළ සිදුවීමට මුහුණදුන් දරුවන්ට සිදුවන තර්ජන සම්බන්ධයෙන් සහ මෙම සිදුවීම්වලට අනුබල දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ද දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවද සඳහන්.

ඒ අනුව, අදාල ඉල්ලිම් පිළිබඳ තීරණය කිරීම සඳහා සැකකාර විදුහල්පතිවරයා සැප්තැම්බර් 04 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය 22 වැනි දා කතරගම ගෝතමීගම කණිටු විද්‍යාලයේ සිදු වූ අපයෝජන සිදුවීමක් සම්බන්ධයෙන් එම පාසලේ ම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර, ඊයේ (28) උදෑසන 9 සිට ගෝතමීගම ගම්මානයේ දෙමව්පියන් අධිකරණ පරිශ්‍ර ඉදිරියේ නිහඬ උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ එක් චෝදනාවකින් දුමින්දට නිදහස

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස්...

මාලිමාවේ රැස්වීමකට ගිය පිරිසකට පහර දීලා

මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් කිසි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම පක්ෂයේ ජනාධිපති ධුර...

නව පාසල් වාරය ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්

2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් මේ බව සඳහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...