30 C
Colombo
Wednesday, August 28, 2024

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

- Advertisement -

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට පනවා ඇති කොන්දේසි හත තුළ මේ බව සඳහන්.

පාරිභෝගිකයාගේ ඉල්ලීම මත අකුරු නොමැකී යන ආකාරයේ කල් තබා ගත හැකි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජික ඩග්ලස් නානායක්කාර මහතා පවසා තිබුණා.

විදුලි බිල වත්කමක් බවත් දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම, පදිංචිය තහවුරු කිරීම වැනි දෑ සඳහා මුද්‍රිත විදුලි බිල්පත් අවශ්‍ය බැවින් මහජනතාවගේ ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කර තිබෙනවා.

2030 වර්ෂය දක්වා පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලසුම සකස් කර ඉදිරිපත් කිරීම, 2023 වර්ෂයේ අවසන් කාර්තුවේ පිරිවැය සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන විගණනයක් කර කොමිෂන් සභාවට වාර්තා කිරීම ඇතුළු කොන්දේසි විදුලි බල මණ්ඩලයට පනවා ඇති කොන්දේසි අතර වන බව පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

උසාවියෙදී වැසිකිළියට ගිය රැඳවියෙක් පැනලා ගිහින්

අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලයේ කොටසක් කඩා ඉන් පැනගිය රැඳවියෙකු පිලිබඳ පුවතක් කලවංචිකුඩියෙන් වාර්තා වෙනවා. මෙසේ පැන ගොස ඇත්තේ නඩු කටයුත්තක් වෙනුවන් කලවංචිකුඩි අධිකරණයට අධිකරණයට රැගෙන...

සහන දීලා රජය මැතිවරණ නීති උල්ලංඝනය කරලා – TISL

මැතිවරණයක් පැවැත්වීමට ආසන්නව තිබියදී ජනතාවට විවිධ සහන මෙන්ම වැටුප් වර්ධක ලබා දෙන බවට නිවේදන ඉදිරිපත් කිරීමෙන් රජය විසින් හිතාමතාම ජාත්‍යන්තර මැතිවරණ නීති උල්ලංඝනය කර...

නඩු විභාගයක් අතරතුර වගඋත්තරකරු සිහිසුන්ව ඇද වැටිලා

වෘත්තීය ආචාර ධර්ම කඩ කළ බවට තමාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව අධික - රණයට අපහාසාත්මක වන කරුණු ඇතුළත් ලේඛන ඉදිරිපත් කළ නීතිඥභාවය අත්හිටුවා...

POPULAR ARTICLES

රාජ්‍ය බැංකුවකින් ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මහජන බැංකුව විසින් විශේෂ එම බැංකුවේ ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මහජන බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ව්‍යාජ දැන්වීම්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2-3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී...

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන හර්ෂටත් ප්‍රශ්න

ජාතික ජන බලවේගය ඊයේ (26) දින 'පොහොසත් රටක් ලස්සන ජිවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වු අතර, එහි ප්‍රජාතාන්ත්‍රිත ආර්ථිකයක් පොහොසත් රටක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ...