වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හට වැඩි අවධානයක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම බෝ නොවන රෝගවලින් දීර්ඝ කාලයක් පීඩා විඳින අය කෙරෙහිද වැඩි අවධානයක් දෙන ලෙස ඔහු පවසා තිබෙනවා.
කොවිඩ්-19 මර්ධනය කිරීමේ ජනාධිපති කාර්‍ය සාධක බලකාය සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
ගතවූ දින කිහිපයේ වාර්තා වූ මරණ වලින් බහුතරයක් එවැනි රෝගාබාධයන්ගෙන් පීඩා විඳි අය හෝ වයස අවුරුදු 60ට වැඩි අය වනවා.
ඒ අනුව එන්නත්කරණයේදීද ඔවුන්ට ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.