බන්ධනාගාර කොවිඩ් ආසාදිත පොකුර 3,372ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම ආසාදිතයන් අතර බන්ධනාගාර නිලධාරීන් 114 ක් සිටින බව වාර්තා වේ.
ආසාදිතයන් 800ක් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වී ඇත. කොළඔ මැගසින් බන්ධනාගාරයෙන් 796ක්, මහර බන්ධනාගාරයෙන් 658ක් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 381ක් ලෙස වාර්තා වේ.
මේ වන විට කොවිඩ් ආසාදිත බන්ධනාගාර නිලධාරීන් 73දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර, සුව වු සමස්ත නේවාසික සංඛ්‍යාව 1,772කි.