27 C
Colombo
Wednesday, July 3, 2024

නුවරඑළියේ පෞද්ගලික බස් රථ වර්ජනයක

- Advertisement -

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව අද (01) වර්ජනයක නියැලී සිටිනවා.

ඒ, තලවකැලේ ලිඳුල ප්‍රදේශයේ ගාල් කර තිබු පෞද්ගලික බස් රථ දෙකක ඉදිරිපස වීදුරුවලට ගල් වලින් පහර දි අලාභ හානි සිදු කිරිමට විරෝධය පාමින්.

එම මාර්ගයේ ධාවනය කරන බස් රථ දෙකක් දිනපතා රාත්‍රී කාලයේ ගාල් කර තබන ස්ථානයේම ගාල් කර තිබු බවත්, එම බස් රථ දෙකට කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ගල්වලින් පහර දී අලාභ හානි සිදු කර ඇති බවට එම බස් රථ දෙකේ අයිතිකරුවන් විසින් ලිඳුල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

වර්ජනයේ නිරතව සිටින තලවකැලේ කිරිමැටිය හරහා නුවරඑලිය දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් පවසා ඇත්තේ හැටන් සිට රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ නුවරඑලිය දක්වා ධාවනය කරන සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ වල ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් (30) දිනයේදි නුවරඑලියේදි ගැටළුවක් මතු වු අතර, එම ගැටළුව පසුව උණුසුම්කාරි තත්ත්වයක් කරා වර්ධනය වු බවයි.

නුවරඑලිය කිරිමැටිය හරහා දිනපතා පෞද්ගලික බස් රථ 15 ක් පමණ ධාවනය කරන බවත්, එම බස් රථ සියල්ලම (30) දින වර්ජනයට එක් වි සිටින බවත්, මෙම පහර දීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බව වර්ජනයේ නියැලි සිටි බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් තවදුරටත් පවසනවා.

ඔවුන් තවදුරටත් පවසන්නේ මෙම බස් රථ දෙකට පහර දී අලාභ හානි සිදු කිරීමට හැටන් රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ නුවරඑලිය දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සම්බන්ධයක් ඇති බවට තමන් සැකකරන බවයි.

මේ සම්බන්ධයෙන් ලිදුල පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ බස් රථ දෙකට පහර දි අලාභ හානි සිදු කිරිම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇති බවත්, එම පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔහු පවසා තිබෙනවා.

මෙම වර්ජනයට සහය දක්වා හැටන් තලවකැලේ ඇතුළු තලවකැලේ සිට අතුරු මාර්ග වල ධාවනය කරන සියළුම පෞද්ගලික බස් රථ හිමියන් එක් වී ඇති බව සඳහන්.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

RECENT ARTICLES - SINHALA

සාගරගෙන් අමුතු කතාවක්

ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නේ නම් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා දීම ගැන සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

පියුමිගේ ක්‍රීම් CID විමර්ශනයට

නීතිවිරෝධී සහ සැකකටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බව පැවසෙන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන...

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරුට

ධීවරයෙකුට මුහුද මැදදී විෂ මොරල්ලෙකු ඇනීම නිසා එම ධීවරයා ඊයේ (02) දින මියගොස් තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග වාර්තා සඳහන් කරන්නේ විෂ මොරල්ලගේ තුඩෙන් මෙම ධීවරයාගේ...

POPULAR ARTICLES

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...

Breaking: ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර...

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

සයිනොපෙක් සමාගමද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින්...