25 C
Colombo
Monday, April 28, 2025

හිටපු ජනපතිවරුන්ගේ සියලුම වරප්‍රසාද කපා හරිනවා – අනුර

- Advertisement -

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත්, ඔවුන් බලාගැනීම ජනතාවගේ වගකීමක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ගාල්ල බද්දේගම කුම්මෙ ක්‍රීඩාංගනයේදී පැවැති මහ මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුරයි.

එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ,

“මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදය අඩු වෙන්න ඕන. ඔවුන් වෙනුවෙන් දරණ වැය බර අඩු වෙන්න ඕන. ජනාධිපතිවරයා වෙනුවෙන් වැය කරනඅඩු කරන්න ඕන. හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වැය කරන වැය බර මුළුමනින්ම අඩු කරන්න ඕන. දැන් අපි ඒවට කමිටුවක් දාලා තියෙනවා. සමහර වරප්‍රසාද චක්‍රලේඛවලින් දීලා තියෙනවා සමහර ඒවා පනත්වලින් දීලා තියෙනවා.

සමහර වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තියෙනවා. චක්‍රලේඛ වෙනස් කරන්නේ කොහොමද පනත් කොහොමද වෙනස් කරන්නේ කියලා අපි සොයා බලනවා හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා.මේවා කරන්න බැහැ පොඩි ගණන් නොවේ. ආරක්ෂකයන් එකසිය හැට තුනක් ඉල්ලනවා. ඇම්බියුලන්ස් කාර් ජීප් රථ බීඑම් ඩබ්ලිව් ය දාහතක් දහ අටක් ඉල්ලනවා. ගෙදර ඉන්න ගානට වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා. මෙහෙම රටක් කරන්න බැහැ.

එයාල හිතනවා ජනාධිපති වෙලා ගෙදර ගියාට පස්සේ එයාලා බලාගන්න එක ජනතාවගේ වගකීමක් කියලා. ඒගොල්ල බලාගන්න එක ජනතාවගේ වැඩක් නොවෙයි. ඒවා ඉතා ඉක්මනින් අපි ඉවත් කරනවා. මතක තියාගන්න හැම නායකයාට ඇහෙන්නම කියන්නේ. මේක පළිගැනීම නොවෙයි. කාත් එක්ක හරි කෝපෙන් කරන වැඩක් වත් නෙවෙයි. මේ දේශපාලනය මහජන සේවයක් බවට පත් කරන්න ඕන. ඇයි ගරු ඇමති අතිගරු ජනාධිපති කියන්නේ ඇයි?

අතිගරු සේවය ගරු සේවය. මේක හොඳ අතිගරු සේවය.ඉන්නකොට බලාගන්නත් ඕන ගිහිල්ලා බලාගන්නත් ඕනා. මේවා නතර කරන්න ඕනෙ නැද්ද නතර කරනවා අපි මේවා.”

RECENT ARTICLES - SINHALA

දැඩි රැකවල් මැද පැවති තරඟ විභාගය

සම සෞඛ්‍ය උපාධිධාරීන් රජයේ රැකියා සඳහා බඳවාගැනීමට අදාළ තරග විභාග ඊයේ (27) පෙරවරුවේ මධ්‍යස්ථාන 04කදී පැවැත්වුණා. එම මධ්‍යස්ථාන සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබීම විශේෂත්වයක්. සම...

අනුරගෙන් ඩයස්පෝරාවට ඇරයුම්

යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට දැඩි අපේක්ෂාවක් පවතින බව ත් ඒ අනුව ආණ්ඩුවේ පළමු කාලය තුළ ජාත්‍යන්තර තරගයක් පවත්වන බව ත් ජනාධිපති අනුර කුමාර...

චන්ද්‍රිකාගේ නම අනවසරෙන් පාවිච්චි කරලා

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ එල් රත්නායක...

POPULAR ARTICLES