26 C
Colombo
Tuesday, January 14, 2025

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

- Advertisement -

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 94ක් ලැබී ඇති බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කටයුතු සිදුකරන බවත් මන්ත්‍රී ප්‍රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන බවත් මහ ලේකම්වරිය පවසනවා.

108ක් වූ සම්පූර්ණ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් වෙන්කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අයදුම්පත් යොමුකළ හැකි බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර 10 වෙනි පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසිවාරයේ පළමු පාර්ලිමේන්තු සතිය දෙසැම්බර් 3 වෙනිදායින් ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මැණික් සඟවාගෙන යන්න හැදූ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් 17,450,875ක් වටිනා මැණික් තොගයක් සිය යටඇදුම් තුළ සඟවාගෙන චීනයට රැගෙන යෑමට තැත් කළ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීන ජාතික පියෙකු සහ දියණියක ඊයේ...

ගංවතුරෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි මේ මස අවසානයේ

පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි...

ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය පැවසුවේ අද (14) පස්වරු 4.00 සිට හෙට පස්වරු...

POPULAR ARTICLES

මැණික් සඟවාගෙන යන්න හැදූ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් 17,450,875ක් වටිනා මැණික් තොගයක් සිය යටඇදුම් තුළ සඟවාගෙන චීනයට රැගෙන යෑමට තැත් කළ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීන ජාතික පියෙකු සහ දියණියක ඊයේ...

ලොස් ඇන්ජලීස් නුවර ලැව්ගිනි ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි දින දෙක තුළ ලොස් ඇන්ජලීස් නුවර ලැව්ගිනි පැතිරීම වේගවත් විය හැකි බව, අමෙරිකානු කාලගුණ බලධාරීන් අනතුරු අඟවනවා. ඒ, තද සුළං ඇති විය හැකි බවට...