ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අද (14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ ජංගම දුර කථනය සිය බාරයට ගත් බව නොරොච්චොල පොලිසිය පවසනවා.
ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ස්ථානාධිපති වරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
සැකකරු ආලංකුඩාව ඒත්තාලෙ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.