32 C
Colombo
Saturday, March 8, 2025

චරිත හේරත් නැවතත් කෝප් කමිටුවේ ලොකු පුටුවට

- Advertisement -

9 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා තේරී පත්වී තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (10) රැස්වූ එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරයින්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ.

අමාත්‍ය සරත් වීරසේකර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එය ස්ථීර කරන ලදි.

මහාචාර්ය චරිත හේරත් මහතා 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) අනුව පසුගියදා තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභා සාමාජිකයන් පත් කරන ලදි.

ඒ අනුව අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, (ආචාර්ය) සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර, ඩී. වී. චානක, ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සුසිල් ප්‍රේමජයන්ත, අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ෂානක්කියන් රාසමාණික්කම්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ‍සෙසු සාමාජික මන්ත්‍රීවරු ලෙස කටයුතු කරනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරී ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවයි

2025 වසරට අදාළ ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. එම නිවේදනයට...

ජනපති හා IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය අතර මාර්ගගත හමුවක් පවත්වා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මුල්‍ය...

අදානි සුලං බලවිදුලි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ – බලශක්ති ඇමති

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුළං බල විදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව...

POPULAR ARTICLES

ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරී ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවයි

2025 වසරට අදාළ ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. එම නිවේදනයට...

යුක්‍රේනයේ නගරයකට රුසියාවෙන් ප්‍රහාර‍යක් – 11 දෙනෙක් මරුට

යුක්‍රේනයේ නැගෙනහිර කලාපයට රුසියාව විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...