25.2 C
Colombo
Tuesday, November 26, 2024

තහනම් සංවිධාන සමරන්න ඉඩ දෙන්නෙ නැහැ

- Advertisement -

තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිඳු ඉඩක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසුවා.

උතුරේ සිදුකළ බව පැවසෙන සැමරුම් පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ,

“ත්‍රස්තවාදී සංවිධාන, තහනම් සංවිධානවලට මුදල් එකතු කිරීම, ප්‍රචාරණය කිරීම, සංවිධානය කිරීම, ඊට අදාළ ලාංඡන, කොටි, බැනර්, සංකේත ප්‍රදර්ශනය කිරීම රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ.ඒ නිසා කිසිම ආකාරයකින් ත්‍රස්තවාදී සංවිධාන, තහනම් සංවිධානවල සැමරුම් සිදුකරන්න අයිතියක් නැහැ.හැබැයි යම් තැනක තමන්ගේ මියගිය ඥාතීන් සමරනවා නම් පෞද්ගලිකව.. ඒකට බාධා කරන්න රජයට අයිතියක් නැහැ. අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා… ඥාතීන් සමරන්න ඒ අයට තිබෙන අයිතියට අපි ගරු කරන අතරේ වෙනත් ආකාරයක නීතිවිරෝධී කටයුතු සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.තහනම් කරන ලද සැමරුම් පැවැත්වුණා නම් පොලීසිය පියවර ගනී. එවැනි කටයුතු සඳහා කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. විටින් විට උතුරේ සමහර දේශපාලනඥයින් සහ ඇතැම් පුද්ගලයන් අනීතික ආකාරයට මැදිහත්වෙමින් තිබුණා LTTE සාමාජිකයන් සහ ඒ කිය නායකයන් සමරන්න. අපි ඒකට ඉඩක් ලබාදෙන්නේ නැහැ. පොලීසිය ඒ ගැන අනිවාර්යයෙන් කටයුතු කරයි.”

මේ අතර යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ (25) උත්සව පැවැත්වුණා.

ඒ, යාපනය විශ්වවිද්‍යාල භූමියේ, වවුනියාව කල්මඩු ප්‍රදේශයේ සහ මුලතිව් මුල්ලියාවේල ප්‍රදේශවලයි.

යාපනය කෝපායි මහවිරු සොහොනේ සහ මුලතිව් වන්නිවිලාන්කුලම මහවිරු සොහොන ආශ්‍රිතව ඔවුන් පහන් දල්වා සිය ඥාතීන් සිහිපත් කර තිබුණා.

සෑම වසරකම නොවැම්බර් 21 සහ 27 අතර කාලය මහවිරු සතිය ලෙසින් හඳුන්වා එහිදී යුද්ධයෙන් මියගිය පිරිස් සිහිකරනු ලබයි.

RECENT ARTICLES - SINHALA

දැදුරු ඔය නිම්නයේ පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය කිහිපයක කාලය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අයත් දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට...

ඩලස්ගෙන් අනුරට ලියුමක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා නැවත කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අනුර කුමාර...

වැඩිවෙන වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය මත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම...

POPULAR ARTICLES