කොවිඩ් 19 වෛරසය ආසාදිත මළ සිරුරු භූමදානයට ඉඩ නොදීමේ ලක් රජයේ ප්‍රතිපත්තිය ගැන මැදිහත්වීමක් කරන බවට පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පොරොන්දු වී යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රකාශකයෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.
මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනකු සමග කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (24) කළ සාකච්ඡාවේදී පාකිස්ථාන අගමැතිවරයා මෙම පොරොන්දුව දුන්නේ යැයි ඔහු කීය.
ආණ්ඩුවට විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා තමන් සහාය පළ කළේ කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර දෙන බවට දුන් පොරොන්දුව අනුව යැයි මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා ප්‍රකාශ කළහ.