27.9 C
Colombo
Saturday, November 23, 2024

වැලිකඩ නඩුවේ තීන්දුව දීමටත් පෙර රංගජීවට උසස්වීමක්

- Advertisement -

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීම ගැන නඩුවේ තීන්දුව ලබා දීමට නියමිත දිනට පෙර දින එම නඩුවේ ප්‍රධාන චූදිතයකු වන පොලිස් පරීක්ෂක එම්. රංගජීව නෙවමාල් මහතාට උසස්වීමක් ලබා දී තිබෙනවා.

2020 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් පරීක්ෂක⁣ රංගජීව මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක⁣ තනතුරට උසස් කර පොලිස්පතිවරයා විසින් ඊයේ (05) නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රංගජීව මහතාද චූදිතයකු වන වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ මහාධිකරණ නඩු තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් තීන්දුවේ මුද්‍රණ දෝෂ සකස් කිරීමට කාලය අවශ්‍ය බව සඳහන් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දුව ලබාදීම 12 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරුවරුන් නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

තවත් ජාතික ලැයිස්තුවේ නමක් ගැසට් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්...

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හාා කුමන්ත්‍රණකාරීව ව්‍යාජයක් ප්‍රකාශයක් සිදු කරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය...

POPULAR ARTICLES