24 C
Colombo
Monday, March 17, 2025

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව තක්කඩිකමක් – ඩලස්

- Advertisement -

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (14) පැවසුවා.

ඔහු මෙම අදහස් පළ කළේ, නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති ප්‍රවෘත්ති සාක්ච්ඡාවකට එක්වෙමින්.

එම යෝජනාව ජනාධිපතිවරණය මඟ හැරීමට සමාජ මතයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වුවත් එය කළ නොහැකි දෙයක් බවත් ආණ්ඩුව වාද අවකාශය පිරවීම සඳහා මෙවැනි දේ ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළා.

වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය මෙම වසරේ නොවැම්බර් මස 19 වැනිදාට වසර 5 ක් සම්පූර්ණ වන බවත් ඒ අනුව ඔක්තෝබර් මස 18 වැනිදා වන විට නව ජනාධිපතිවරයෙක් පත්වී සිටිය යුතු බවත් ඔහු පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ආණ්ඩුවේ වැඩපිළිවෙළට විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් සහ මධ්‍ය ලක්‍ෂය ගන්නා කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට සිය පාර්ශවය කැමති බවත්, අධිතක්සේරුවෙන් සිටින ඕනෑම විපක්‍ෂ බලවේගයකට පාකිස්තිනු මැතිවරණයේ ප්‍රතිඵලය හොඳම උදාහරණය බවයි.

RECENT ARTICLES - SINHALA

හවස වහිනවා

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ...

මිදිගම වෙඩි තැබිමක්

මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති...

සාමාන්‍ය පෙළ විභාගය අදයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට...

POPULAR ARTICLES

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...