28.3 C
Colombo
Friday, April 25, 2025

ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්

- Advertisement -

ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා.

චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා වන නියෝජ්‍ය නියෝජිත Ling Ji මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හි පැවති රැස්වීමක දී මේ බව අනාවරණය කළා.

චීන වාණිජ අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා Tesla, GE HealthCare සහ Medtronic ඇතුළු 20කට වැඩි ඇමරිකානු සමාගම්වල නියෝජිතයින් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීනය ඇතුළු සියලු වෙළඳ හවුල්කරුවන්ට අයුතු ලෙස තීරුබදු පැනවීමට ඇමරිකාව පසුගියදා ගත් පියවරට චීන රජය දැඩි ලෙස විරුද්ධ වන බවත් ඊට එරෙහිව කඩිනම් පියවර ගෙන ඇති බවත් Ling Ji මහතා මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම ගෝලීය නිෂ්පාදන සහ සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා, ඇමරිකානු සමාගම් තාර්කික හඬක් නගා ප්‍රායෝගිකව ප්‍රතිචාර දක්වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

තවද, චීන වාණිජ අමාත්‍යංශය සැමවිටම, ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජනයන් හි නිරත සියලු ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බවද චීන වාණිජ උප අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

Ling Ji මහතා මෙම රැස්වීමේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අතීතයේ සේම වර්තමානයේ මෙන්ම අනාගතයේදී ද චීනය අඛණ්ඩවම විදේශ ආයෝජන සඳහා පරමාදර්ශී, ආරක්ෂිත සහ ජයග්‍රාහී සාරවත් භූමියක් වන බවයි.

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES