32 C
Colombo
Sunday, March 9, 2025

පුද්ගලික බලාගාරයක් ඉදි කිරිමට ගිය වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසකට විරෝධය

- Advertisement -

ඩන්සිනන් කදු මුදුණේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා පුඩළුඔය හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරිම සදහා පිඹුරුපත් සකස් කිරිමට පැමිණි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට ප්‍රදේශයේ විහාරාධිපති සහ ප්‍රදේශවාසින් දැඩි ලෙස විරෝධය පලකර තිබෙනවා.

සංඝරත්නය සහ පුඩළුඔය වැවහේනේගම ප්‍රදේශවාසින් මාධ්‍යය හමුවේ කියා සිටියේ තලවකැලේ – පුඩළුඔය – වැවහේන ප්‍රදේශය හරහා කොත්මලේ ඔයට ජලය ගලා බසින පුඩළුඔයේ එගොඩවෙල ඇල්ල , වැවහේනේ ඇල්ල ඇතුළු දිය ඇලි තුනක් හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිමට 2017–2018 වසරේ සැලසුම් සකස් කර ඇති බවත්, ප්‍රදේශවාසින්ගෙන් මතු වු දැඩි විරෝධය මැද්දේ එම පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ නොකල බවයි.

ප්‍රදේශවාසින් පවසන්නේ පුඩළුඔය ප්‍රදේශයේ ඇද හැලෙන දිය ඇලි නැරඹිමට කොවිඩ් 19 වසංගතය පැතිර යාමට ප්‍රථම දේශිය සහ විදේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, පුඩළුඔයේ ජලය කොත්මලේඔයට ගලා යනතෙක් ගඟ දෙපස පදිංචි ප්‍රදේශවාසින් ගොවිතැනට මෙන්ම දෛනික අවශ්‍යතාවලටද ගඟේ ජලය උපයෝගි කර ගන්නා බවයි.

එම ප්‍රදේශයේ පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි වුවහොත් විශාල පරිසර හානියක් සිදු වන බවත්,ඒ තුලින් ගොවිතැනට මෙන්ම ප්‍රදේශයේ ජනතාවට පානිය ජල ගැටළුවක්ද මතු වි කොත්මලේඔයට ජලය ගලා බසිනා පුඩළුශයේ සුන්දරත්වයද නැති වි යන බවද ප්‍රදේශවාසින් පවසනවා.

පුඩළුඔය වැවහේනගම ප්‍රදේශවාසින්ගේ විරෝධය මැද්දේ මිට ප්‍රථම නතර කර තිබු පුඩළුඔය පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු යලිත් ආරම්භ කිරිම සදහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු රාජ්‍යය නිලධාරින් පිරිසක් යලිත් උත්සහ දරමින් සිටින බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් ඇතිවූ විරෝධතාවය හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

– රංජිත් රාජපක්ෂ –

RECENT ARTICLES - SINHALA

එළියට නාවොත් දේශබන්දුට වෙන දේ

දැනට වරෙන්තු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය...

අනුර ඉන්න තාක් ටිරාන්ට අත තියන්නේ නැහැ – පාඨලී

අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනපති වී සිටින තාක් අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිදු හානියක් නොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක...

ඝාතනයකින් කෙළවර වූ බහින්බස්වීම

වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ (08) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, ඇත්නාවල, වරකාපොල ප්‍රදේශයේ පදිංචිව...

POPULAR ARTICLES