ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
ප්රමාණවත් ලෙස ජල පහසුකම් ලබා නොදීම, අධිකරණ ක්රියාවලිය පමාවීම සහ නිරෝධායනය සඳහා වෙනත් බන්ධනාගාරවල නිලධාරීන් සහ සිරකරුවන් මෙම බන්ධනාගාරයට ගෙන ඒ්මට විරෝධය දක්වමින් ඔවුන් මෙලෙස මාරාන්තික උපවාසය ආරම්භ කර තිබේ.
මෙම උපවාසය සඳහා මුලින්ම සිරකරුවන් 1500ක් පමණ සම්බන්ධ වී ඇතත් පසුව බන්ධනාගාර අධිකාරී සමඟ සාකච්ඡා කර පිරිසක් උපවාසයෙන් ඉවත්ව ගොස් තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ සහ බන්ධනාගාර බාර ඇමැතිගේ මැදිහත්වීම ඉල්ලමින් තවත් පිරිසක් තවදුරටත් උපවාසයේ නිරතවෙති.