ගාලු මුවදොර රැඳී සිටින විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වටලා තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම පිවිසුම් මාර්ග අවහිර කර ඇති අතර එම මාර්ගවල අට්ටාල ඉදිකර මේ වන විට ඔවුන් විරෝධතාවයේ නිරත වනවා.
මීට අමතරව මුදල් අමාත්‍යංශයේද පිවිසුම් මාර්ගද අවහිර කර පිරිසක් විරෝධතාවයේ නිරත වනවා.
විරෝධතාකරුවන් පවසන්නේ අදට (20) යෙදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දිනය හේතුවෙන් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලය වැටලූ බවයි.