25.9 C
Colombo
Thursday, December 5, 2024

දකුණු කොරියාවේ ජනපතිට එරෙහි විරෝධතා

- Advertisement -

රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබෙනවා.

ඒ ඊට එරෙහිව එරට පාර්ලිමේන්තුව විසින් ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුවයි.

උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේග මගින් ඇතිවිය හැකි ආපදාවලින් රට ආරක්ෂා කිරීම සඳහා රටට හමුදා නීතිය පනවන බව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසියේ නිවේදනය කළේ ඊයේ (03) රාත්‍රියේ දී.

ඒ යටතේ රට තුළ සියලු දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් තහනම් කෙරුණු අතර, වරෙන්තු නොමැතිව ඕනෑම අයෙක් අත්අඩංගුවට ගැනීමේ බලයද හමුදාව වෙත පැවරුණා.

එමෙන්ම ඉන් භාෂණයේ නිදහසද සීමා කෙරුණු අතර, මාධ්‍ය සඳහා ද දැඩි නීති පැනවෙනවා.

මේ සමගින් එරට සෝල් හි පිහිටි පාර්ලිමේන්තුවට පිවිසීම අවහිර කරමින් හමුදාව ඒ වටා ස්ථානගත කෙරුණේ, විපක්ෂයේ සහ මහජනතාවගේ ප්‍රබල විරෝධය මධ්‍යයේ දී.

එම අවස්ථාවේදී හමුදා සෙබළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

පුවත සැලවීමත් සමග විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම ආධාරකරුවන් ඊයේ රාත්‍රියේම පාර්ලිමේන්තුව අවට රැස්වී ජනාධිපතිවරයාට බලකර සිටියේ මෙම නීතිවිරෝධී හමුදා නීතිය වහාම ඉවත් කරන ලෙසයි.

එමෙන්ම පාලක පක්ෂයේ ඇතැම් නියෝජිතයන් මෙන්ම ආධාරකරුවන් රැසක් ද ඊට සහාය දැක්වීමට එක්ව සිටියා.

එහිදී දකුණු කොරියානු විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු තාප්පයෙන් පැන එම පරිශ්‍රයට පිවිසුණ අයුරුද දැකගත හැකි වු බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඉන්පසුව මන්ත්‍රීවරුන් හමුදා අණ නොතකා බලහත්කාරයෙන් පාර්ලිමේන්තු ගර්භයට පිවිසුණේ‍ හමුදා නීතිය ප්‍රකාශයට පත්කිරීම බලරහිත කිරීමේ යෝජනාවකට ඡන්දය භාවිත කිරීම සඳහායි.

පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයින් එහිදී හමුදා නීතිය ඉවත්කිරීමට අදාළ යෝජනාවක් සම්මත කරගනු ලැබු අතර ඊට පක්ෂව 190 දෙනෙකු ඡන්දය ලබාදී තිබුණා.

ඒ අතර පාලක පක්ෂය නියෝජනය කරන 18දෙනෙකු සිටීම විශේෂත්වයක්.

පවතින තත්ත්වය සලකා තමන් විසින්ම පැනවූ හමුදා නීතිය ඉවත්කිරීමට ජනාධිපති යුන් සුක් යෝල්ට සිදුවුණේ ඉන් අනතුරුවයි.

කෙසේවෙතත් වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිවරයාට බලකරමින් ඊයේ රාත්‍රියේ එරට ආරම්භ වූ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා.

උතුරු කොරියානු තර්ජන සලකා හමුදා නීතිය පැනවූ බවට ජනාධිපති යුන් සුක් යෝල් පැවසුවද, මෙය ඔහුට එරෙහිව රට තුළින්ම මතුව ඇති දේශපාලන විරෝධතා සමනය කරගැනීම සඳහා ගත් පියවරක් බව බොහෝ පාර්ශ්ව පෙන්වාදෙනවා.

මේ අතර එරට විපක්ෂය අද ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සභාගත කළ අතර එය පැය 72ක් තුළ ඡන්දයට ගැනීම ඔවුන්ගේ සැලසුම බව වාර්තා වනවා.

දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි 1987 වසරේ සිට ඊයේ දක්වා රටට හමුදා නීතිය පැනවූ පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර මෙම සිද්ධිය මුල්කරගෙන චෝදනාවට ලක්වූ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ඇතත් එල්ලවන චෝදනාවලට ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

RECENT ARTICLES - SINHALA

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය...

බාර් ලයිසන් ගත්ත අයගේ නම් ලිස්ට් එක මෙන්න

2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කළා. ඊ‌ට අදාළ නාම ලේඛනය පහතින් Notes_241204_213819Download https://www.news19.lk/here-is-the-number-of-bar-licenses-given-by-ranil-revealed-by-bimal1/

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

POPULAR ARTICLES

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය...

රශීඩ්ගෙන් ආයාචනයක්

තලේබාන් රජය එරට කාන්තාවන්ට වෛද්‍ය පුහුණුව තහනම් කිරීමට ගත් තීරණය පිළිබඳ නැවත සලකාබලන මෙන් ඇෆ්ගනිස්තානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට...

බාර් ලයිසන් ගත්ත අයගේ නම් ලිස්ට් එක මෙන්න

2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කළා. ඊ‌ට අදාළ නාම ලේඛනය පහතින් Notes_241204_213819Download https://www.news19.lk/here-is-the-number-of-bar-licenses-given-by-ranil-revealed-by-bimal1/