26.9 C
Colombo
Friday, April 11, 2025

ශවේන්ද්‍ර සිල්වා ට එරෙහිව යාපනයේ විරෝධතා

- Advertisement -

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට එරෙහිව ඊයේ (18) යාපනයේ විරෝධතාවක් පැවති බව වාර්තා වනවා.

යාපනයේ නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ සංවිධානය කළ ආගමික වැඩ සටහනක් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා පැමිණි අවස්ථාවේදී එම විරෝධය එල්ල වී තිබෙන බව සඳහන්.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු හා යාපනයේ ස්වේච්ඡා සංවිධානවල කිහිපදෙනෙකු මෙම විරෝධතාව සඳහා සහභාගී වූ බවට වාර්තා වෙනවා.

විරෝධතාකරුවන් පුවරු ප්‍රදර්ශනය කරමින් පවසා ඇත්තේ, ජාතිවාදය හා දේශපාලනය කරපින්නා ගෙන කටයුතු කරන, දෙමළ ජන සංහාරයට සම්බන්ධ හමුදා නිලධාරියෙකු යාපනයේ බෞද්ධ උරුමයන් ස්ථාපිත කිරීම සඳහා නොපැමිණිය යුතු බවයි.

කෙසේ නමුත් පොලිසිය හා හමුදාව එක්ව විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසුව යාපනය නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ ආගමික උත්සවය සිදු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජගිරියේදී ඉන්දීය ජාතිකයන් 22ක් අත්අඩංගුවට

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද...

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව...

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

POPULAR ARTICLES