24 C
Colombo
Friday, January 24, 2025

විදුලි කප්පාදුවට යන සේවකයන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්න – රන්ජන් ජයලාල්

- Advertisement -

විදුලි කප්පාදුවට නිවෙස්වලට යන සේවකයන්ට පොලීසියේ ආරක්ෂාව ලබා දෙන ලෙස ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඉල්ලීමක් කර තිබෙනවා.

එම සන්ධානයේ සම කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කියා සිටියේ විදුලි කප්පාදුව හා බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඇතැම් සේවකයන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවයි.

ඔවුන්ට රාජකාරි කිරීමට ගොස් පාරිභෝගිකයන්ට ගුටි කෑමට නොහැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඒ නිසා මීට පොලිස් ආරක්ෂාව සපයන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

මේ අතර විදුලිබිල වැඩි කිරීමට එරෙහිව දැවැන්ත සටනක් ක්‍රියාත්මක කර ඇති බව රන්ජන් ජයලාල් මහතා පවසනවා.

ඊට සහය ලබාදී එම සටනට එක්වන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

විදුලි කප්පාදුවට යන සේවකයන්ට නිවැසියන්ගෙන් ගුටි කෑමට සිදුවුවහොත් වෘත්තීය සමිතියක් ලෙස ඊට මැදිහත් නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

වැස්ස නිසා රියැදුරන්ට දැනුම්දීමක්

වර්ෂාව පවතින අවස්ථාවල කඳුකර ප්‍රදේශවල මාර්ගවල වාහන ධාවනයේදී මේ දිනවල විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රියැදුරන්ට දැනුම් දෙනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ...

ඇඟලුම් අපනයන ආදායමේ වර්ධනයක්

පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව 5% කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇති බව මෙරට ඒකාබද්ධ ඇඟලුම්...

මහින්දගේ විජේරාම ගෙදර අලුත්වැඩියාවට ලක්ෂ 430ක්

කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් පසුගිය වසර කිහිපයේ රුපියල් ලක්‍ෂ 430ක් ඉක්ම වූ මුදලක්...

POPULAR ARTICLES