දැරියක් වැඩිවිය පැමිණිමේ උත්සවයකට සහභාගි වූ පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීමේ පුවතක් පයියාගල ගොරකදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාල උත්සවයට පැමිණි පුද්ගලයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ඇතුළු 85 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම, නිවසේ ආහාර පිසීමට පැමිණි පුද්ගලයා ඇතුළු පිරිසක්ද ආසාදිතයින් බවට පත්ව ඇති බව ඔවුන්ට කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලින් හෙළිව තිබෙනවා.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ මෙම උත්සවය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් අතරමග නවත්වනු ලැබුවා.