රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් යවන ලද මෙම ලිපිය නීති විරෝධී බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
හෙට (11) උදෑසන මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.