29 C
Colombo
Saturday, March 29, 2025

රාජ්‍ය ආයතනවල නීතිරීති වෙනස් කරන්න මහජන අදහස් විමසයි

- Advertisement -

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජනතාව වෙත මෙය නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන සහ පළාත් පරිපාලනය යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක වන්නේ බ්‍රිතානඨ යටත්විජිත සමයේ ආඥා පනත් සහ 1950 සිට 1970 දශකවල පනවනු ලැබූ නීති රෙගුලාසි හා ක්‍රියා පටිපාටි අනුවයි.

එවකට පැවති සමාජ ආර්ථික තත්ත්වය, ප්‍රවාහන හා සන්නිවේදන යටිතල පහසුකම් පදනම් කරගනිමින් මෙම ක්‍රියා පටිපාටි ගොඩනගා ඇති අතර, වර්තමාන සංවර්ධන අවශ්‍යතා සහ මහජන කාර්යයන් ඉටුකිරීමට මෙම ක්‍රියා පටිපාටි කාලීනව සංශෝධනය විය යුතු බව අදාළ අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ අනුව, පහත සඳහන් ආයතනවලින් ලබාගන්නා සේවා සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඇති නීති, රෙගුලාසි හා ක්‍රියා පටිපාටි ගැටලු, එම ගැටලු විසඳීම සඳහා වූ යෝජනා පහත ලිපිනයට එවන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

සම්බන්ධීත රාජ්‍ය ආයතන – 

* දිස්ත්‍රික් ලේකම් කාර්යාල
*ප්‍රාදේශීය ලේකම් කාර්යාල
*මහ නගර සභා
*ප්‍රාදේශීය සභා 
*රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
*විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

අදහස් එවිය යුතු ලිපිනය – 

විද්‍යුත් ලිපිනය – inforan@moha.gov.lk
Whatsapp – 00740896768
ලිපිනය – ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය, 17 වන මහළ, නිල මැදුර ඇල්විටිගල මාවත, කොළඹ 05

RECENT ARTICLES - SINHALA

විදේශිකයින්ට අස්‍යභය දර්ශන බෙදාහැරි තරුණයෙකු අත්අඩංගුවට

ළමුන් සම්බන්ධ අස්‍යභය දර්ශන සමාජ මාධ්‍ය ජාල හරහා බෙදා හරින ලද තරුණයෙකු රාගම ප්‍රදේශයේදී ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට...

Wild Cookbook යූ ටියුබ් ඉතිහාසය අලුතින් ලියයි

YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන 'Wild Cookbook' ඊයේ (28) සිය...

අත්ලන්තික් සාගරයේත් භූකම්පනයක්

අත්ලන්තික් සාගරයේ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුතුව භූකම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා කළේ, බ්‍රසීලයේ සිට කිලෝමීටර් 585 ක දුරින් අත්ලන්තික් සාගරයේ කිලෝමීටර් 6.4ක් අභ්‍යන්තරයේ මෙම...

POPULAR ARTICLES