රාජ්‍ය සේවකයන්ට සතියේ දින 5 ම නිවසේ සිට ගෙවතු වගා කරන්නැයි ආණ්ඩුව පැවසුවහොත් එය පුදුමයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පැන්ඩෝරා පත්‍රිකාවල වරදකරුවන්ට දඩුවම් දී අදාල මුදල් වහා මෙරටට ගෙන ආ යුතු බවයි.
වරින් වර රාජ්‍ය සේවකයන්ට නිවාඩු දී රට වසා තබන්නේ නම් ආණ්ඩුවකින් ඵලයක් ඇතිදැයි විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්ණ කර සිටියා.
ආණ්ඩුව ඇතිකළ වත්මන් අර්බුදයට විපක්ෂය වගකිව යුතු නොමැති බවයි සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ.