වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන උපයෝගිතා කොමිසම වසාදමන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
විදුලි බිල පාලනය කිරීම සහ පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් මැදිහත්වීමේ බලය පැවරී තිබුණේ මෙම කොමිසම හටයි.
කොමිසමේ දැනට සේවය කරන තාක්ෂණික කාර්‍ය මණ්ඩලය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙසත් අදාල ලිපියෙහි සදහන්.
එම ලිපියේ සදහන් වන ආකාරයට කොමිසම සතු බලතල පාරිභෝගික අධිකාරියට සහ විදුලිබල මණ්ඩලයට පැවරීමට නියමිතයි.
- ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා
- රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා
- 2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්
- අමෙරිකාව අසරණ කළ ගිනි කුණාටුව
- ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති