28.7 C
Colombo
Tuesday, April 8, 2025

මාව බන්ධනාගාර රෝහලට දාන්න;දුමින්දගෙන් පෙත්සමක්

- Advertisement -

නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව තමන් ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට සිර මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් ගන්නා ලද පියවර අත්හිටුවා යළි බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආර්. දුමින්ද සිල්වා ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේ දී අද (03) කැඳවනු ලැබුවා.

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම ලබන මැයි 08 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරු මඬුල්ල දින නියම කර තිබෙනවා.

එදිනට පෙර සීමිත විරෝධතා ලිඛිත ව ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් කරුණු තහවුරු කිරීමට අවශ්‍ය දිවුරුම් ප්‍රකාශ ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කෙරුණු බවයි වාර්තා වන්නේ.

සිය සේවාදායකයා වෙඩි ප්‍රහාරයකට ගොදුරුව හිසට බරපතළ තුවාල ලබා ශල්‍යකර්ම කිහිපයකට ද ලක් වූ අයෙකු වන බැවින් යළිත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියා.

මරණ දඬුවම නියම වූ පසු පෙත්සම්කාර ආර්. දුමින්ද සිල්වා මහතා වසර ගණනාවක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂිත නේවාසික වාට්ටුවක ප්‍රතිකාර ලැබුවේ එක්තරා වෛද්‍යවරයෙකුගේ තනි නිර්දේශය මත බවත් මෙලෙස එක් පුද්ගලයෙකුට පමණක් සුවිශේෂී වරප්‍රසාද අනෙක් සිරකරුවන් ද ඉල්ලා සිටීමට ඉඩ ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දුන්නා.

යහමින් මුදල් හා වෙනත් හේතූන් මත ඔහු වැනි පිරිසකට එවැනි සුවිශේෂී වරප්‍රසාද ලබාදීම අනෙක් සිරකරුවන් හා රැඳවියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විය හැකි යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් අවධාරණය කර සිටියා

RECENT ARTICLES - SINHALA

හික්කඩුවේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල...

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මේ වනවිට කොළඹ...

හරි ජනාධිපතිවරයෙක් ඉන්නවා නම් ආර්ථිකයට මුල් තැන දෙන්න – රාජිත

නිවැරදි ජනාධිපතිවරයෙක් සිටිනවා නම්, ගමේ ඡන්දය පැත්තකින් තබා, මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය විය යුත්තේ පළමුවත් ආර්ථිකය, දෙවනුව සහ තෙවනුවත් ආර්ථිකය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES