27.9 C
Colombo
Tuesday, April 8, 2025

ගොවීන්ටත් QR කේතය-මහින්ද අමරවීර

- Advertisement -

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ඉදිරියේ දී ගොවි ජනතාව වෙනුවෙන් ද QR කේතයක් හඳුන්වා දෙන බවයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැති කෘෂි ව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පුද්ගලික ව්‍යවසායකත්ව වැඩ මුළුවකට සහභාගි වෙමින් මේ බව කියා සිටියා.

QR ක්‍රමවේදය භාවිත කරමින් එවිට ගොවීන්ට පොහොර, බීජ වැනි දෑ ලබාගැනීමට ඉඩප්‍රස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ගොවි ජනතාව පොහොර ගැටලුවෙන් බොහෝ සේ පීඩාවට පත්වු බවත් ඔවුන් වෙනුවෙන් මේ වසර තුළ ද පොහොරවලට අමතරව සහන ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

මේ වනවිට කෙටුම්පත්  අවසන් කර ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රජයන් හෝ අමාත්‍යවරුන් වෙනස් වන විට වෙනස් නොවන, කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම තම අරමුණ බවත් සියලුම ගොවි නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද මේ සඳහා ලබාගැනීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

තිනියාවල සිදුවිම ගැන පොලිස් නිවේදනයක්

යම් පුද්ගලයෙකු බිමතින් යතුරු පැදිය ධාවනය කරන බව නිරික්ෂණය විමෙන් පසු රථවාහන රාජකරියේ නිරත වි සිටි නිළධාරින් විසින් යතුරුපැදිය නවතා පරික්ෂා කිරිමට යාමේදි...

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

POPULAR ARTICLES