31 C
Colombo
Friday, October 18, 2024

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

- Advertisement -

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ පසුගිය රජය සමයේ පරිපුරක වෛද්‍ය සේවාවට අවශ්‍ය නිලධාරින් බදවා ගැනීම නතර කිරිම හේතුවෙන් සීටි ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර් සහ හෘද කැතීටර් කරන ඒකකයන් හි පරීක්ෂණ රැසක් ද සිදුකිරීම මේවන විට ගැටළු සහගත වි ඇති බවයි.

“සමහර රෝහල්වල අලුතින් සී.ටී ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කරලා තියනවා. නමුත් ඒවායේ රාජකාරී කටයුතු ආරම්භ කරන්න, පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න හැකියාවක් නෑ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම නිසා. ඒ එක්කම මේ වන විට සේවාවේ නිරත වෙලා ඉන්න කාර්ය මණ්ඩලය දැඩි පීඩාකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඔවුන්ට වැඩි වැඩ ප්‍රමාණයක් ඉටු කිරීමට සිදුවීම තුළින්. අපි විශේෂයෙන් නව සෞඛ්‍ය ඇමතිවරියගෙන් ඉල්ලීමක් කරනවා මේ සේවාවන්වල පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන්න කියලා. එහෙම නොවුනොත් සෞඛ්‍ය සේවාව කාර්ය මණ්ඩලය නොමැති වීම හින්දා බිඳ වැටීමක් ඉදිරි මාස කිහිපය තුළ අනිවාර්යයෙන්ම සිදුවෙනවා.”

RECENT ARTICLES - SINHALA

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව තවත් පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින්...

අලුත් ආණ්ඩුවක් ආපු ගමන් හොඳ රටක් බිහි වෙන්නේ නැහැ – ලාල් කාන්ත

මේ රට විනාශ වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයද වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ‘දිනමිණ’ වෙත...

නියමු කුටියේ දොර වැසීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා ඉල්ලා අස්වෙලා

සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා සේවයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා. පසුගිය...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...