24 C
Colombo
Saturday, October 26, 2024

ප්‍රදේශ කිහිපයකට වැසි තත්වයක්

- Advertisement -

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලන් විටින් විට හමන පැ.කි.මී. (40- 45) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් මහරගමින් හමුවෙයි

මහරගම, පමුණුව පරණ පාරේ රෙදිපිළි වෙළඳසැලක් ඉදිරිපිට හිමිකරුවෙක් නොමැතිව දමා ගොස් තිබිය දී අද (26) උදෑසන මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා. මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක්...

රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා – නාමල්

රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ,...

මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට

0
පසුගිය වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂව වසරේ කාර්තු 3ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මෙරට විදෙස් ප්‍රේෂණ 11.5% ප්‍රමාණයකින් ඉහළ...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...