27 C
Colombo
Wednesday, July 3, 2024

පාසල් 10,000ක් ඉදිරිපිට කළු කොඩි ඔසවයි

- Advertisement -

අද (01දා) දිවයිනේ පාසල් දසදහසකට අධික ප්‍රමාණයක් ඉදිරිපිට කළු කොඩි ප්‍රදර්ශනය කරමින් රජයට විරෝධය පළ කරන බව  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ගුරු – විදුහල්පතිවරුන්ට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරමින් කළ ප්‍රහාරය, ආණ්ඩුව ගෙනයන මර්දන ක්‍රියාපිළිවෙත හා දෙමාපියන්ට බර පටවමින් ආණ්ඩුව කරන හිරිහැර හා ගුරු-විදුහල්පති ගැටලු නොවිසඳීම යන කාරණාවලට එරෙහිව මෙම විරෝධය දැක්වීමට නියමිතයි.

එසේම හෙට (02) දිවයිනේ සෑම පාසලක් ඉදිරිපිටම පස්වරු 2.00ට ගුරුවරුන් හා දෙමාපියන් සමග එක්ව උද්පෝෂණ පවත්වන බවද ජෝසප් ස්ටාලින් මහතා පවසා තිබෙනවා.

එමෙන්ම ආණ්ඩුව රජයේ සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබානොදෙමින් ගෙනයන මර්දනකාරී පිළිවෙතට එරෙහිව ලබන 6දා සියලු වෘත්තීය සංගම් කොළඹට කැඳවා වෘත්තීය සංගම් ඒකාබද්ධ සමුළුවක් පවත්වන බව ඔහු ප්‍රකාශ කරනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගේ ක්‍රීම් CID විමර්ශනයට

නීතිවිරෝධී සහ සැකකටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බව පැවසෙන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන...

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරුට

ධීවරයෙකුට මුහුද මැදදී විෂ මොරල්ලෙකු ඇනීම නිසා එම ධීවරයා ඊයේ (02) දින මියගොස් තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග වාර්තා සඳහන් කරන්නේ විෂ මොරල්ලගේ තුඩෙන් මෙම ධීවරයාගේ...

ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාව‍ට තර්ජනයක්‍

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන නිසා එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික...

POPULAR ARTICLES

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...

Breaking: ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර...

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

සයිනොපෙක් සමාගමද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින්...