ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වාවාර්තාවක් රජයට ලබා දී ඇති අතර එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර තිබෙනවා.
බදු නිදහස් කිරීම් අවම කිරීමටත්, ආදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් එම නිර්දේශ මගින් යෝජනා කර තිබෙනවා.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපායමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද එම යෝජනාවේ ඇතුළත්.
රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල ගණන් වැඩි කරන ලෙසත් එම කමිටුව රජයට නිර්දේශ කර තිබෙනවා.
ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන කරන ලෙසද එම යෝජනාවේ ඇතුළත්.
ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන නම්‍යශීලී විනිමය අනුපාතිකයකට නැවත යොමුවන ලෙස කමිටුව යෝජනා කරනවා.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම සහ පාලනය ශක්තිමත් කිරීමටත් , දූෂණයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩ උත්සාහයක් දරන ලෙසත් කමිටුව මෙරට රජයට වැඩිදුරටත් යෝජනා කර තිබෙනවා.