අග්‍රමාත්‍ය ධූරයෙන් පන්නා දැමූ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ වන විට ත්‍රීකුණාමලය නාවුක හමුදා කදවුර තුළ සැඟවී සිටින බවට තොරතුරු වාර්තා වනවා.
මහින්ද රාජපක්ෂ, කලෙක විහාරමහාදේවිය ලෙස හැදින්වූ ඔහුගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ එක් පුතෙකු හෙලිකොප්ටර් යානයක ආධාරයෙන් අද (10) උදෑසන මෙම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් සියලුම දෙනාම මේ වන විට නාවික හමුදාපතිවරයාට අයත් නාවික හමුදා නිල නිවස්නයේ රැඳී සිටින බවයි පැවසෙන්නේ.
මෙම පිරිස හෙලිකොප්ටර් දෙකක ආධාරයෙන් යළිත් කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලට පැමිණ එම ස්ථානයෙන් විදෙස්ගතවීමට උත්සහ කරන බවයි වාර්තා වන්නේ.
මීට පෙර රාජපක්ෂ ආණ්ඩු සමයේදී නාවික හමුදා කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස්, අතුරුදන් කරන ලද තරුණයන් 11 දෙනා සිරකර සිටියේ ත්‍රීකුණාමලය නාවික කඳවුරේම වීම විශේෂත්වයක්.