මැයි 9 දින ජනතාව විසින් කඩා දැමූ තංගල්ලේ ඩී.ඒ. රාජපක්ෂ පිළිමය යළි ඉදිකර නැවත විවෘත කෙරුණා.
ඒ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්
නව පිළිමය බ්‍රහස්පතින්දා (3) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විසින් තංගල්ල කාල්ටන් නිවසේ සිට මහවෙල පාර අයිනේ පිහිටි මුල් ස්ථානයට රැගෙන ගිය අතර නාමල් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රතිමාව කඩා ඉවත් කිරීමේ සිද්ධියට වගකිවයුත්තන්ට නීතියෙන් දඬුවම් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
එම පිළිමය කැඩීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් ඔහු පවසා සිටියා.
දිවංගත අමාත්‍ය ඩී.ඒ. රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයගේ පියා වේ.